Sunday, 3 February 2008

ආදරය සාපේක්ෂද


ආදරයට විවිද අර්ථකතනයන් ඇත....
සමාජයේ නොයෙක් මිණුම් දඩු වෙත්, ඒ සියල්ල සාපේ්ක්ෂයි. මට ලස්සන දේ ඔබට අවලස්සන වන්නේද, මට හොඳ දේ ඔබට නොහොඳ වන්නේද එහෙයිනි.
ඔබ උස වන්නේ මා මිටි හන්දයි
මා මිටි වන්නේ ඔබ උස හන්දයි,
ඔබ කළුද මා සුදුද, මා කළුද ඔබ සුදු ද?

යනුවෙන් කොළඹ විශ්ව විද්යාලයේ සිසුන් පිරිසක්, නිර්මාණය කළ ගීයක් වසර කීපයකට පෙර අහන්නට ලැබුනා. උස සමන්, අර කොට ගර්ල්, අර කළු ළමයා, මෙහෙම ඇතැම් විට එකිනෙකා පිළිබඳ විග්රහ කරගනු මා කොතෙකුත් අසා ඇත.

ඉස්සර මට මතකයි, පන්ති වල උනත්, හොඳම අත් අකුරු, හොඳම රචනය, හොඳම හොඳම කිය කියා තෝරනවා, නමුත් ඇයි තවම තේරුම් ගන්න බැරි මේ සියල්ල සාපේක්ෂයි කියලා, මම මේ බෙදා වෙන් කිරිල්ලට කැමති නැහැ.
හැම කෙනාම ඔවුනටම ආවේණික වූ ගති ලක්ශන සහ හැකියාවන්ගෙන් සමන්විතයි එසේ්නම් ඇයි මෙවැනි සමාජ සම්මත මිණුම් දඩු වලින් කිරා මැන මිනිස්සුන්ව වර්ග කරන්නේ

සාපේක්ෂ මිනුම් වලින් තොරව අපට එකිනෙකා විග්රහ කරගන්න ක්රමයක් ඇත්තෙම නැද්ද?
මිනිස් සම්බන්දතා වලින් වටවෙච්චි පොළවක, හැම දේම වාණිජ කරනය වී ඇති සමයක, එකම නිරපේක්ශ හැඟුම ආදරය විතරද ?

ජීවිතේ අතර මග ගෙවා බෝ දුර ඇවිද
මහංසියි ඉතින් බෑ ඇවිද යන්නට කියා
නැවතුනු තැනින් නැගිට අරඹන්න ජීවිතය
ඇද වැටුනු මගේ අත අත් නොහැරියේ නුඹයි

වදන් වැල් සිදී ගොස් අතරමං වෙලා හිත
ඒ වදන් ගලපලා කියා දුන්නේ නුඹයි
මා ළගින් ඉගිල ගිය සිනා කැන් සොයන් විත්
කදුලු කැට වියලලා සිනා පෙව්වෙත් නුඹයි

කිසිදාක කිසි විටක මගේ හිත නොතැලුවෙත්
මට සතුට ආදරය කියා දුන්නෙත් නුඹයි
දරන්නට බැරි තරම් ආදරේන් සෙනෙහසින්
මසිත නිති සුව සදන සොදුරු පැතුමද නුඹයි

බෝ සමරතුංග

4 comments:

සාලිය රන්දුනු said...

පළමුව තුති මල්
ඒ මගේ කවට දුන් සටහනට...
දෙවනුව සිනා මල්
ඒ නුඹේ කව් සිතේ හැඩ කමට.....
තෙවනුව පැතුම් මල්
ඒ නුඹට තරුවක්‌ ව දිලෙන්නට.....
සිවුවනුව රෝස මල් (කහ පාට)
ඒ නුඹත් නුවර කෙල්ලෙක්‌ වුනාට.....

සාලිය රන්දුනු (නුවර කොල්ලෙක්‌)
http://senehasa.blogspot.com

Gaveen said...

මා මා නම්,
මා මෙලොවම නම්,
මේ ලොව මා නම්,
මා........ නම්,
මා යැයි යමෙක් වේ නම්,
මා නොවන, මා ඇසින් නොදකින
යමක් වේ දැයි?

මා වෙනුවෙන් මිස
ඈ වෙනුවෙන් මා පෙම් කරත්දැයි?
මා වෙනුවෙන් මිස
ඔබ වෙනුවෙන් මා සොයුරු දම් පුරත්දැයි?
මා සැනසුමට මිස,
මා ඇස්, ඉස්, ලේ දන් දෙත්දැයි?
නොදනිමි,
මා මිස අන් කිසිත් සැබැදැයි? පවතීදැයි?

එනමුදු, අදක් නැති හෙටක් නැති
දෑස් ඇරගෙන දකින හීනෙට
තේරුමක් ගෙන එන්නෙත්,
ජීවිතේ පන පිඹින්නෙත්
ආදරයමයි
කටු අකුලක මල් ඇහැරෙන්නෙත්,
ඒ මහිමෙන්මයි
ගෙන්දගම් පොලොවට වැහි වැටුනම
හුස්ම ගන්නයි කණට මුමුනන්නෙත්
ඒ ආදරයමයි
ජීවත් වෙන්නයි කියන්නෙත්
ආදරයමයි

samanalee said...

අක්‌කෙ, හරිම ලස්‌සනයි!

Bo said...

වරුන, දුන්න දිරි ගැන්වීම් වලට අනේක වාරයක් ස්තූතියි මල්ලි, ඔයා ලියන සටහන් පෙළත් හරිම ආසාවෙන් කියවන්නේ. මගේ මෙහෙ යාළුවො කීපදෙනෙකුත් කිව්ව ඔවුනුත් එහි පාඨකයන් බවට පත් වූ බව.

ගවීන්, කවිය අගෙයි,ඔබ ඉක්මනින් සිංහල බ්ලොග් එකතු කරන්න ඕනෙ ඔබේ පිටුවට, ගැඹුරු සිතුවිලි ගොන්නක්, සරල බසින් ලියා තිබෙනවා,යථාර්තවාදී
පද පෙලගැස්මක්.මගේ ස්තූතිය. තවත් ලියන්න

සමනලී , ස්තූතිය් නංගී