අපි වෙනස් , ඒ වෙනස ඇයි ප්රශ්ණයක් කරගන්නේ ?
මිනිසුන් එකිනෙකාට තමන්ගේම කියලා අනන්යතාවයක් තියෙනවා අපි එකිනෙකා අනෙකාගෙන් වෙනස් වෙන්නේ ඒ නිසා. නමුත් ඇතැමුන් තිස්සෙම තනන්නේ අනෙකාව තමන්ට ඕනෑ ලෙසට වෙනස් කරන්නයි. ඇයි අපිට අනෙකාගේ ඒ වෙනස ඒ විදිහට පිළිගන්න බැරි? කෙනෙක් දිහා අපි වපරැසින් බලද්දී අපට පෙනෙන්නෙම ඒ අයගේ වැරැද්දක් මිස හොඳක් නොවේ.
එකිනෙකාගේ විවිධත්වයට ගරු කරන තමන්ගේ දේ හැම විටම උසස් විය යුතුයැයි සිතන කුහක සිතිවිලි වලින් මිනිසාට මිදිය හැකිනම් එදාට මේ ලොව පවතින අනන්ත වූ දුක් පීඩා නැති වනබව නිසැකයි.
එදාට අපිට පුළුවන් වේවි හැමෝම දිහා එකම ලෙංගතු කමින් බලන්න හැමෝම අපේ එකෙක් කියලා හිතන්න, හැම දෙනා ගැනම එකම සහෝදරත්වයකින් කටයුතු කරන්න. මමය මගේය කියන බැඳීම් වලින් නිදහස්වෙලා නිදහසේ් හිතන්න එදාට අපිට හැකිවේවි.
සෝ තාප මැඩ පියන හිතක් බිහිවනදාට
ලෝ පුරා මෙත් දහම් මල් පිපෙයි නෙක පාට
එහෙව් දුක් නැති කරන මග සොයන හැමෙකාට
රුදුරු නෙක අවමන්ම උරුම වෙන්නේ කුමට
බෝ
2 comments:
Thanks for posting, BO.
Have a good day
මගේ මගේ කියල ලංකරගන්න හදන හැම දෙයක්‌ම ඇත්වී යන බව නොසිතනා සමාජයක මේ වගේ නිර්මාන බිහිවීමත් පිනක්...
මගේ සුභ පැතුම් බෝ අක්‌කෙ!
Post a Comment