Friday, 1 February 2008

ආං

පාන්දර හිනා මල් ගෙන හීන් සීරුවේ දොර ළඟ
කාන්සිය මකන් යන්නට ඕං බලනවා
කීද්දුව දෙතොල් හරියට පුරුද්දට වගේ බුදු ගුණ
පාන් පැළ ලඟින් වැඳගෙන ආං කියනවා

දාස් සිය වරක් කීවද කටින් සෙත් පිරිත් කුමටද
කාන්දම වගේ පවටම ආං ඇදෙනවා
කේන්තිය තියන් හිත යට, මුසාවට උනත් හිනහව
පේන්නට කියා දෙලොවට වාන් දමනවා

ඕං නැහැ ඉතින් තනියට කාත් කවුරුවත් නැතිවට
මාන්සිය බලෙන් ඇවිදින් පාළු කපනවා
දෝං තානමත් තරිකිට, බෙරපදත් කවිත් හරියට
දෝංකාර දී හිත යට තාල බඳිනවා

ගොඩවෙලාවට අපිට හමුවන චරිතයක් අල්ලා තමයි මේ පද තාල බැන්ඳේ
උදේ් හවස පන්සිල් ගන්න, වෙලාවට බුදු පහන පත්තුකරන අපේ උදවිය, දවස තිස්සෙම ඉතින් කරන්නේ් හැබැයි අර පන්සිල් පද කඩන එකමනේ.
අනුන්ගේ බත් පිඟානෙ තියෙන කෙස් ගහ දකින අපේ උදවිය, තමන්ගේ පිඟානේ තියෙන කොස් ගහ ගැන වගක්වත් නෑ. මට පෙනෙන්නම බැරි වැඬේ පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින එක. එ කිව්වෙ මිනී මැරුමක් සම්බන්දයෙන්නම් නොව උඩින් මිතුරුව ඉඳන් යටින් හතුරුකම් කරන අයවලූන් ගැනයි.
මූනිච්චාවට හිනාවුනාට හිත යට කුහකකම් පිරිලා, උඩින් මිතුරු යටින් හතුරුකම් කරමින් ඉතින් වටේටම වින කරන මෙන්න මෙවැනි අයවලූන් ගැන මේ කවිය ලිව්වේ
පොඞ්ඩක් හිතල බලමු අපිත් ඔය රාමුවේද ඉන්නේ කියලා ?
බෝ

2 comments:

PRan said...

nice blog.
Stumbled upon it suddenly & found it be quite interesting.
Keep up the good work.
Sorry for not being able to comment in Sinhala

Long-Ranger said...

Awesome