Friday, 1 February 2008

පිපාසෙන් සිටිය මට

මම ලියන දේ සියල්ල මේ බ්ලොග් පිටුව මගින් පල කරන්න හැකිකම නිසා ඇත්තටම සිතට දැනෙන්නෙ ලොකු සහනයක්, නිදහසක්. මම ලියන අයුරු දුටු සු අක්කා පැවසුවේ, හරියට පිපාසයෙන් ඉන්න කෙනෙක්ට දිය පාරක් හම්බුවෙලා වගේය කියලා මගේ බ්ලොග් පිටුවත්, ඒ කථාව නම් සහතික ඇත්ත, ඔලුව ඇතුලෙ තිබෙන සියලු දේ නිදහසේ ලියන්න තැනක් නැතුව සිටි මට මේ බ්ලොග් පිටුව ක්ෂේම භූමියක් වගේ හිතට දනෙන්නේ

මගෙ පස්සෙන් එන්න බ්ලොග් සටහන් අතරට දැමිය යුතුද
අද කෙනෙක් මා ලියූ නවකතාව කියවමින් සිටින බව සදහන් කරමින් මා වෙත ඊ මේලයක් එවා තිබුනා , එය බ්ලොග් සටහනක් ලෙස එක් කල යුතුයෑයි ඔහු විසින් මා හට පෙන්වා දුන්නා
එම කථාව මෙම බ්ලොග් පිටුවේම පල කල යුතුද ? නැත්නම් වෙනත් පිටුවක් ඇරඹිය යුතුද ? යන්න ගැටලුවක් !
මගෙ පස්සෙන් එන්න නවකතාවක් වුනාට එය සත්ය ජීවිත අත්දැකීම් අතරින් මා ලියූ සටහන් ගොන්නක එකතුවක් කිව්වත් නිවැරදියි. එහි පළමු කොටස මෙලෙස බ්ලොග් සටහන් අතරට එකතු කරමි

මගෙ පස්සෙන් එන්න..

වෙනදා වගේ්ම කොළඹ අහස හැන්දෑවට රතු පාට උනා, වෙනදා වගේම ඉර, දුක් දෝමනස්ස පිරුනු, මතුපිටින් හිනාවෙන අපේ ජීවිත දිහා බලමින් කළුවර වැටෙද්දී නොපෙනී ගියා. වෙනදා වගේම අපි තුම්මුල්ල හංදියෙන් ගෙදර දුවන්න බස් අල්ල ගන්න ඒ පැත්තට දිව්වා.

යාන්ත්රික මිනිස් සමාජය තුල අපිට අපි ජීවත් වෙනවා කියල දැනෙන්නෙම නැති තරම්. උදේ හවස හිතන්නෙ අනාගතේ ගැන, විභාග, උපාධිය, රස්සා, සමාජ තරාතිරම් මේ සියල්ල අතර අපේ හිත අතරමං වෙලා.

හුස්ම ගන්නවත් වේලාවක් නැති තරමට අද අපේ ජීවිත වෙනස් වෙලා. අහස උසට කරදර බාධක දුක් පීඩා තිබුනත්, අනුන් වෙනුවෙන් තමන්ගේ ජීව්තෙන් පොඩි කාලයක් හරි මිඩංගු කරන්න පුරුදු පුහුණු වෙච්චී මානව මානවිකාවන් මේ මහ පොළව මත්තේ් සිටිනවග ඔබ දන්නවාද? ජීවිතේ ජීවත් වෙන්න වෙර දරන මිනිසුන්, හුස්ම වැටෙන හඩ ඇහෙන මිනිසුන් විරලයි ... එහෙව් මිනිසුන් හොයාන අපි යන ගමනකි මේ..

-බෝදිනී රන්මැණික්-

No comments: