Wednesday, 30 January 2008

මා දුටු සේකර



යුග පුරුෂයන් පහළ වෙන්නේ කලාතුරකිනි.
මා සේකර දැක ඇත්තෙ ඔහුගේ කලා කෘති තුලින් සහ ඔහු පිළිබඳව ලියැවුනු සටහන්, ලිපි යනාදියෙනි.
සේකරයන් මිනිස් හදවත් තුල වෙසෙන්නෙකි. ඔහු තම ගදය පදය සහ සිනමා කෘති, මේසියල්ලෙන් මිනිස් හදට කථා කල කලාකරුවෙකි. මා සේකරයන් කව් කියවන්නත් කලියෙනි ඔහු විසින් රචනා කර ඇති ගීත රසවින්දේ.
රත්න දීප ජන්ම භූමි ගීය රූපවාහිනියේ විකාශය වෙද්දී, එ ගී හඩටද ගී පදවැලටද මා බොහෝ සෙයින් ඇලූම් කලෙමි.
ගීතයක පදමාලාවට වැඩි ඇල්මක් දක්වන මසිත සේ්කරයන්ගේ තාලයට මුසුවෙන , රිද්මය හා ගැටෙන සදාකල් හිත තුල රැඳෙන පද වැල් හා පෙමින් බැඳුනාය.

වක්කඩ ලඟ වැහි වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුළින් විදුලිය කෙටුවා....

සේකරයන්ගේ සිතෙන් බට පද සමූහය , ගලා හැලෙන දිය පහරත් , වක්කඩ අසල රඟ දෙන තිත්ත පැටවුන් හා අහසේ රොක් වෙන කළු වැහි වලා කුළු රංචු නොදැනීම අප සිත් තුල රූපාකාරයෙන් මවන්නට සමත් වේ

රත්නදීප ජන්ම භූමි
ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි මාත භූමියයි
ආදි සිංහලේ් වීර දුපුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි මාතෘ භූමියි


”මා නියම කවියා මනින්නේ මෙසේය, මේ කවියාට වෙන අන් අය පෙරකී දේට වඩා වෙනස් දෙයක් කීමට තිබේද? ඔහු එය කීම සඳහා වෙනස් මගක් සොයා ගෙන ඇද්ද? කිනම් නව මගක් සොයා ගැනීම පමණක් පරමාණවත් නොවේ, ඔහු සොයා ගත් මග කවියා පවසන වෙනත් දෙය මතුකර පෙන්වීමට කෙතරම් ප්රබලද යන්න පෙනේද යන මේ කරුණුය... ටී එස්. එලියට්”

මේ කියන ලෙසට, සරලව, එහෙත් ගැඹුරු දැ, සැහැල්ලූවෙන්, ලියා තබන්නට සේකරයන් සමත්වෙනවා යැයි මට සිතේ, හැම පදයකින්ම අළුත් යමක් ලියන්නට කියන්නට උත්සහ කරන ඔහු පවතින සම්ප්රදායට රාමුවී, කොටුවී සිටි බවක් නොදකිමි. සේකරයන්ගේ කලා නිර්මාණ පිළිබඳ වඩා විද්වත් ලෙස ලියන්නට තරම් මා උගතෙකු නොවේ. මා උත්සහ කළේ මට දැනුනු සේකරයන් කෙසේද යන්න පමණක් ලියා තැබීමටයි.

සේකරයන් මා දකින්නේ මානවහිතවාදී, මහා කලාකරුවානන් කෙනෙක් ලෙසය. මා අසා කියවා ඇති ලෙස ඔහු, පොළවේ පය ගසා ජීවත් වූ, සැබෑ මිනිසෙකි. ඔහු ලියූ දෑ මිනිස් හදවත් තුල තවද, තව බොහෝ කල් යන තුරුද පවතින්නේ එහෙයිනි.

දහසක් වැඩරාජකරී එක්ක ගැටෙන අපට සේකර මතක්වෙන්නේ කවියක් කියෙව්වොත් හෝ ගීතයක් ඇසුවොත් විතරමද ? එහෙම නැත්නම්, එතුමාගේ අනුස්මරණ දින එළඹෙද්දී පමණක්ද?

පාළු අඳුරු නිල් අහසට ඈත දිලෙන රන් තරුවට කවි ලියූ ඔබගේ කව් ගීයට පෙම් බැඳ, කවියට කාව්යකරණයට පෙම් බැන්ඳෙමි,
මහගම සේකර කවියානන් වෙනුවෙන් මා මීට බොහෝ කලකට පෙර සටහන් කල කවි පද කිහිපයක් මෙසේ ලියා තබමි.

පාළු අඳුරු නිල් අහස පුරා ඔබ
සිත්තම් කල කවි තරුද දුටිම්
නුඹ පණ පෙව් කවි රන් ගිර පාමුල
පිපී වැනෙන මල් පොඩිද දුටිම්

”වක්කඩ ලඟ වැහි වැටෙන තාලයට”
ගෙත්තම් කළ සිත් රූ කවිකම්
වැසිවසිනා අහසත් මහ පොළවත්
කවි පදගින් ලියු යුරු මනරම්

බෝ

No comments: